වැඩිම ආසාදිතයන් ගණන කොළඹින්
ආසාදිතයන් 594ක් මෙරටින් ඊයේ (20) හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වී ඇත.
මේ අනුව ඊයේ (20) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 253ක් වාර්තා වී තිබෙන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124ක් සහ මහනුවරින් ආසාදිතයින් 62ක් වාර්තා වී ඇත. සෙසු ආසාදිතයන් 153ක් වාර්තා වී ඇත.
මේ අතර ඊයේ දිනය තුල මෙරට PCR පරීක්ෂණ 17,233ක් සිදුකර ඇත.
සමස්ත ආසාදිතයන් ගණන 37,261ක් බවට පත්ව ඇති අතර ඉන් සුවය ලැබූ සමස්තය 28,267ක් බවට පත්ව ඇත.
