කොරෝනා එන්නත්වල ඌරු තෙල් ඇතැයි සැකයක්
කොරෝනා වෛරසය පාලනය සදහා හදුන්වා දී ඇති එන්නත්වල ඌරු තෙල් ඇතැයි යන සැකයක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල පැතිර යමින් තිබේ.
ඌරන්ගෙන් ලබාගන්නා ජෙලටින් කොවිඩ්-19 මඬින එන්නත් ස්ථායිකරණය සඳහා භාවිත කිරීම හේතුවෙන් එම එන්නත ලොව පුරා මුස්ලිම් ප්‍රජාවට ලබාදීමේදී ඉස්ලාම් ආගමික ආකල්ප හමුවේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව වාර්තා වේ.
කොවිඩ් එන්නත් මාත්‍රාවන් මිලියන ගණනක් ඉන්දුනීසියානු පුරවැසියන් වෙත ලබාදීම සහතික කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර ගනුදෙනුව කතා කරමින් සිටියදී ඉන්දුනීසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ මුස්ලිම් පූජකයන් ඔක්තෝම්බර් මාසයේදී චීනයේ ගුවන් යානයකින් බැසගොස් ඇත්තේ ද මෙම ගැටලුව මතුවීම නිසයි.
ඒ කොවිඩ් -19 එන්නත ඉස්ලාමීය නීතිය යටතේ භාවිතා කිරීමට අවසර තිබේද යන්න එහිදී මතභේදාත්මක වීම හේතුවෙනි.
සමහර ආගමික කණ්ඩායම් විසින් තහනම් කරන ලද ඌරු මස් නිෂ්පාදන භාවිතය පිළිබඳ ප්‍රශ්නය වසංගතය වළක්වාලීමට කරනු ලබන ප්‍රතිශක්තිකරණ ව්‍යාපාර කඩාකප්පල් කිරීමට හැකියාවක් පවතින බව වාර්තා වේ.
දැනට කොවිඩ් එන්නත් නිපදවා ඇති ෆයිසර්, මෝඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා හි ප්‍රකාශකයෝ පවසා ඇත්තේ ඌරන්ගේ නිෂ්පාදන ඔවුන්ගේ කොවිඩ්-19 එන්නත් වල කොටසක් නොවන බවයි.
මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව වැනි රටවල ජනතාවට මෙම එන්නත් ලබාදීමට මත්තෙන් ඒ සඳහා හලාල් සහතිකය අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
Concern among Muslims over halal status of COVID-19 vaccine

