News

ජාත්‍යන්තර ගුවන් සමාගම් වලට මෙරටදී සහන

ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙරටට සිදුකරනු ලබන ගුවන් යානා මෙහෙයුම් දිරි ගැන්වීම් සදහා එම ගුවන් සමාගම් වලින් අය කළ යුතු ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු අය නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 26 වැනිදා සිට 2021 ජනවාරි මස 19 වන දින දක්වා කාලසීමාව තුළ එම ගාස්තු නොකරනු ඇති.

මේ වන විට ජාත්‍යන්තර ගුවන් ගමන් ක්ෂේත්‍රය මුහුණදී ඇති අර්බුදය හමුවේ ජාත්‍යන්තර ගුවන් සමාගම් සදහා මෙම සහනය ලබාදීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මේ අතර විදේශ සංචාරකයින් සදහා ගුවන්තොටුපළවල් විවෘත කිරීමට සැළසුම් කර ඇත.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුගමනය කරමින් ලබන 26 වැනිදා සිට විදේශ සංචාරකයින් සදහා ගුවන් තොටුපළවල් විවෘත කිරීමට සදහා අවශ්‍ය පියවරයන් ගෙන තිබේ.