News

කොවිඩ් ආසාදනය වූ 618ක් සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 618දෙනෙකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයි සදහන් කරයි.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 29300 දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් ආසාදිතව මෙරට තුළ හදුනාගත් සමස්ත සංඛ්‍යාව 37631ක් වන අතර ඉන් 8150දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

කොවිඩ් හේතුවෙන් මෙරට තුළ මියගිය සංඛ්‍යාව 180කි.