ඊසි කෑෂ් ක්‍රමයට කුඩු විකිණූ අයෙක් මාට්ටු
අයගම හැරැස්ස කළුමැදිරිය ගම්මානයේ සිට ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදා හැරි අයෙක් ඒවා අලෙවිකරමින් සිටියදීම අයගම පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර, අළුබෝමුල්ල අරුක්ගොඩ පදිංචි හතළිස් දෙහැවිරිදි විවාහකයෙකි. ඒ සමග මත්කුඩු ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක්ද, ඒවා පැකට් කිරීමට ගන්නා උපකරණ සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු විසින් මීට මාස දෙකකට ඉහතදී අයගම හැරැස්ස කළුමැදිරිය දුෂ්කර ගම්මානයේ පිහිටි මෙම ඉඩම මිලදීගෙන තිබිණි. මත්කුඩු සම්බන්ධයෙන් තමන්ට විරුද්ධව පෙර නඩු 3 ක් අධිකරණයේ විභාගවන නිසා පානදුර ප්‍රදේශයේ සිට සිය මත්කුඩු ජාවාරම කරගෙන යාමට නොහැකි බැවින් මෙම ප්‍රදේශයේ සිට ඊසි කෑෂ් ක්‍රමයට මත් කුඩු පානදුර ප්‍රදේශයට අලෙවි කරන බව සැකකරු පොලිසියට පවසා ඇත. සැකකරු රත්නපුර මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුනිල් පියතිලක – කුරුවිට
