ණය නොගෙන නැගෙනහිර පර්යන්තය මෙහෙයවිය හැකි බව කියයි
ශ්‍රී ලංකා වරාය අදිකාරියේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එහි වෘත්තීය සමිතිය සඳහන් කරනවා.
එසේම නැගෙනහිර පර්යන්තයේ සිදුකරන මෙහෙයුම් කටයුතු වරාය අධිකාරියේ අනෙකුත් සේවකයින්ට සිදුකල හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.
මොවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ නැගෙනහිර පර්යන්තය අනාගතය ගොඩගන්නේ කෙසේද යන්න අමාත්‍යවරයා සමග සාකච්ඡාවට බඳුන්කර ඇති බවත් ඒ අනුව ණය ගැනීමකින් තොරව අධිකාරියේ තිබෙන මුල්‍යමය හැකියාව මත ඉදිරි වර්ෂ 5 තුළ ගොඩනගන්නේ කෙසේද යන්න සාකච්ඡාවට බඳුන් කර ඇති බවයි. ඒ අයුරින්ම ජනාධිපතිවරයා හා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරනවා.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කරන්නේ ,
”නැගෙනහිර පර්යන්තයේ අනාගතය ගොඩනගන්නේ කොහොමද කියන එක නිවැරදි වාර්තාවක් අමාත්‍යවරයා එක්ක සාකච්ඡාවට බඳුන් කරා. එයින් පැහැදිලිව කියලා තියෙනවා කිසිදු ණය මුදලක් ලබා නොගෙන වරාය අධිකාරියේ තිබෙන මුල්‍යමය හැකියාව මත කොහොම ද ඉදිරි වර්ෂ 5 තුළ මේ නැගෙනහිර පර්යන්තය අපි මෙහෙයවලා ක්‍රියාත්මක කරන්නේ කියන එක. අමාත්‍යවරයා ඒ අදහස පිළිබඳ පැහැදිලි එකඟතාවකට හිටියේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කළ හැකියි. අපිට ඒ වත්කම තියෙනවා”
