ඉංගිරියේ කොවිඩ් ආසාදිතයන් 212ක් දක්වා ඉහලට
ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුල ඊයේ (22) සවස වන විට සමස්ත ආසාදිතයන් 212ක් වාර්තා වී තිබේ.
එසේම එම ප්‍රදේශයේ පවුල් 66ක පුද්ගලයින් 250 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇති බව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලනමහජන සෞඛ්‍ය පරීක්‍ෂක එල්.පී.එල්. ප‍්‍රියන්ත මහතා සඳහන් කර තිබේ.
පෝරුව දණ්ඩ, හදපාන්ගොඩ සහ ඉංගිිරිය යන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාස 03 න් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ පෝරුව දණ්ඩ කොට්ඨාසයෙනි . එම ගණන 118ක් වනවා. එසේම බොරළු ගොඩ පිහිටි දැව ආශ‍්‍රිත කර්මාන්ත ශාලාවක සේවකයින් 52 කට කොවිඩ් ආසාදිතව ඇති අතර ඉන් 37 දෙනෙකුම ඉන්දීය ජාතිකයන් වනවා.
ඉංගිරිය බල ප්‍රදේශය තුල කර්මාන්තශාලා වැඩි වශයෙන් පවතින බැවින් තව දුරටත් කර්මාන්තශාලා අශ්‍රිතව අහඹු පරීක්ෂණ මගින් ආසාදිතයන් සොයාගැනීමේ කටයුතු වල නිරතවන බව පැවසෙනවා.
