මිලිද්දුව කොරෝනා පොකුර පාලනය කළ හැකි
ගාල්ල මිලිද්දුව කොරෝනා පොකුරද තවත් සති දෙකක් යනවිට පාලනය කිරිමට හැකි බවට විශ්වාස කරණ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
වෙනත් අනුපොකුරු නිර්මානය නොවුනහොත් මිලිද්දුව කොරෝනා පොකුර සති දෙකක් ඇතුලත පාලනය කළ හැකි බව පවසන ඒ මහතා මේ වනවිට තුන්දුව කොරෝනා පොකුර මෙන්ම කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ කොරෝනා පොකුරද පාලනය කොට ඇති බවද පවසයි.
ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වි ඇත්තේ මිලිද්දුවෙන් වන අතර ජනතාව බියවිය යුතු නැති බවත් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ජිවත්විය යුතු බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ වාර්තාවන කොරෝනා ආසාදිත රෝගින් සංඛ්‍යාව 415ක් වන අතර ඉන් කොරෝනා ආසාදිත රෝගින් 160කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ ගාල්ල නාගරික බල ප්‍රදේශයෙනි.
අක්මීමන එච් එම් සමන්
