මාර්ග බාධකයේදි කළ අහඹු පරිෂණයෙන් ආසාදිතයන් 75ක් හමුවේ
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඇතුල්වන කලුගල මාර්ග බාධකයේදි සිදු කරන ලද අහඹු පී.සී.ආර් පරීක්ෂණයෙන් ඊයේ(22)දින නව ආසාදිතයින් 08දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
නව කොවිඩ් ආසාදිතයන් අට දෙනා අතර ලිදුල ප්‍රදේශයෙන් 05 දෙනකුද, අඹගමුව, කොටගල, මස්කෙළිය, යන ප්‍රදේශවලින් එක් අයකු වශයෙන් ආසාදිතයින් වාර්තා වී ඇත.
කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පි.සි.ආර්.පරික්ෂන මත මේ වන විට කොවිඩ් ආසාදිතයන් 75 දෙනකු හදුනාගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.
මෙම සියලුම දෙනා බස්නාහිර පලාත ඇතුළු විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයට පැමිනි පිරිස් බවද කාමදේවන් මහතා වැඩිදුරටත් පවසයි.
