News

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන තැන්වල තාවකාලික තද සුළං ද ඇති වේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවට දැනුම්දෙයි.