News

රාජ්‍ය ඇමැති තොණ්ඩමානුත් නිරෝධායනයට

කොවිඩ් ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රීතයන් වූ රා​ජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් සහ මධ්‍යම පළාතේ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් සිව් දෙනකු ඇතුළු පිරිසක් සෞඛ්‍ය අංශ විසින් පෙරේදා (22 වැනිදා) රාත්‍රියේ ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

දික්ඔය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු එහි මන්ත්‍රීවරුන් දෙදෙනකුත්, එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයකුත් ඒ අතර සිටින බවත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ ආශ්‍රිතයන් වශයෙන් හඳුනාගත් අනූ එක් දෙනකු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර සිටින බවත් නුවරඑළියේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

සභාපතිවරයාගේ ආශ්‍රිතයන් වශයෙන් 500කට අධික පිරිසකට මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. ඔහුගේ තවත් ආශ්‍රිතයන් සොයා සෞඛ්‍ය අංශ හා පොලිසිය විමර්ශන සිදුකරයි.

එෆ්. අස්ලම්/ මනුර සුදත්සෙල්ලහේවා – හැටන්/ චන්දන ජයවීර – හැටන්/ සිතාර ඉරාෂ් – වටවල