News

නත්තල් දින මත්පැන්හල් වසා දැමේ

නත්තල් උත්සවය නිමිත්තෙන් හෙට(25)දින සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

කෙසේවෙතත් සංචාරක මන්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු (ර.බී. 07) බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන ඊට ඇතුළත් නොවන බව සඳහන් වේ.

දෙසැම්බර් 29 වන දිනට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙහිදී ද බලපත්‍ර වර්ගීකරණයකින් තොරව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබීමටද ඉන් නියෝග කර ඇත.