ආර්ථික මධ්‍යස්ථාන සදහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශණ මාලාවක්
මෙරට ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
අද සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැති විශේෂ හමුවකදී අමාත්‍යවරිය මේ බව සදහන් කළේය.
දිවයිනපුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන 16කට පැමිණෙන වෙළෙදුන්ට හා පාරිභෝගික ජනතාවට කොවිඩ් ආසාදනය වී වෛරසයේ ව්‍යාප්තියක් ඇතිවුවහොත් එය බරපතල තත්ත්වයක විය හැකි බව අමාත්‍යවරිය සදහන් කරයි.
එසේ සිදු නොවීම සදහා මෙලෙස විශේෂ මාර්ගෝපදේශණ මාලාවක් සකස් කර ඇති බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති එම මාර්ගෝපදේශණ මාලාව පහතින්…
* සෑම ආර්ථික මධ්‍යස්ථානයකටම කොවිඩ්-19 මර්ධන කටයුතු සදහා එම මධ්‍යස්ථානයට ආවේනික සැලැස්මක් සකස් කිරීම.
* එම සැලසුම් ක්‍රියාත්මක වීම පිළිබදව සොයා බැලීමට ඒ වෙනුවෙන්ම නිලධාරියෙකු පත් කිරීම.
* ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය නිරුතුරුවම පිරිසිදුව පවත්වාගෙන යාම.
* ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ බුලත් කෑම / දුම් බීම / කෙළ ගැසීම නොකළ යුතු බව මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙන ජනතාව දැනුවත් කිරීම.
* පුද්ගල දුරස්ථභාවය පවත්වා ගෙන යාමට කටයුතු කිරීම.
* ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ කසළ නිසි ලෙස බැහැර කිරීම.
* ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙනන්නන් අහඹු ලෙස PCR පරීක්ෂණ වලට යොමු කිරීම.
* ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙන්නන්ට දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සැළසීම.
