ආගරපතන ප්රා.සභා සභාපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
ආගරපතන ප්රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ලංකා කම්කරු කොංග්රසය පියවර ගෙන ඇත.
නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්වීම කිහිපයක්ම පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මොහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ද සිදුකිරීමට ලංකා කම්කරු කොංග්රසය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ආගරපතන ප්රාදේශීය සභාපතිවරයා සහභාගිවූ රැස්වීම් වලට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිපදෙනෙකු ඇතුළු ප්රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
