නත්තලට සිරකරුවන් බලන්න අවසර නෑ
මෙවර නත්තල් දිනයේදී ඥාතීන්ට සිරකරුවන් බැලීමට අවසර ලබා නොදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
බන්ධනාගාර තුළ ඇති පල්ලිවලදී ඔවුන්ට දේව මෙහෙයන්ට සහභාගී වීමට හැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
