News

කොවිඩ් අවධානම් කණ්ඩායම් තුනක් ගැන අනතුරු අඟවයි

කොවිඩ් අවධානම් කණ්ඩායම් තුනක් පිළිබදව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කරයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එහි පළවැනි කණ්ඩායම බස්නාහිර පළාතේ සේවයේ නියුතු ගම්බද ප්‍රදේශවල කණ්ඩායම මේ වන විට නිවෙස් කරා ගමන් කරමින් සිටින බවයි.

දෙවන කණ්ඩායම පිටසර බද ප්‍රදේශවල සිට බස්නාහිර පළාතට භාණ්ඩ හා සේවා ලබාගැනීමට පැමිණෙන පිරිස් ඉතාම අවදානම්කාරී ලෙස නිරෝධායන නීති කඩ කරමින් සෙ$ඛ්‍ය පිළිවෙත් නොපිළිපදිමින් කටයුතු කරන බව ඔහු පෙන්වා දෙයි.

තුන්වැනි කණ්ඩායම බස්නාහිර පළාතේ නිරෝධායනට යටත්ව සිටින පිරිස්, සංචරණ සීමාවලට යටත්ව සිටි පිරිස් රටේ අනෙකුත් ප්‍රදේශවල විනෝද චාරිකාවල නිරත වන්නන් බව උපුල් රෝහණ මහතා සදහන් කළේය.

රටේ අවධානම් ප්‍රදේශවල මෙන්ම බස්නාහිර පළාතේ සංචරණ සීමා නොකළහොත් නව වසරේ උදාවත් සමග වෛරස ව්‍යාප්තිය වැඩිවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් රජයෙන් සහ බලධාරීන්ගෙන් ඒ මහතා ඉල්ලා සිටියේ නත්තල් උත්සවය සහ නව වසරේ උදාව ජනතාව දැනට රැදී සිටින ස්ථානවල සිට සැමරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

එමෙන්ම දිස්ත්‍රික් මායිම් වලින් පිටවීම තහනම් කිරීමට සහ සංචරණ සීමා පැනවීමට කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් නව වසර උදාවෙන් පසු ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට රටේ ජනතාවට මුහුණ දීමට සිදුවිය හැකි බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කරයි.