News

තවත් 406කට කොරෝනා ආසාදනය වෙයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 406දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් හදුනාගෙන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 39045ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් ආසාදිතයින් 30568දෙනෙකු සුවය ලබා ඇති අතර, ආසාදිතයින් 8293දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ මියගිය සංඛ්‍යාව 184කි.