News

හෝටලයක තිබූ ලක්ෂ ගණනක් වටිනා උපකරණ තොගයක් සොරාගත් 04ක් මාට්ටු

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ ඌව කරදගොල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිවන සංචාරක හෝටලයක තිබූ රුපියල් ලක්ෂ ගනනක් වටිනා ඇදන්,විදුලි උපකරණ තොගයක් සහ නාන කාමර කට්ටල කිහිපයක් සොරාගත් සැකකරුවන් සිවුදෙනකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් හෝටලයේ ජනේලය කඩා දමා ඇතුළු වී මෙම සොරකම සිදු කර ඇත.අත්අඩංගුවට ගත් භාන්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බව පොලිසිය පවසන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇල්ල,කුඹල්වෙල සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු දහ නවය,විසිදෙක සහ විසිතුන යන වයස් වල පසුවන බව පොලිසිය කියයි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස අට වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.

ජයන්ත වීරසේකර