දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරින් එකම පවුලේ මව මියයයි පියා සහ දරුවන් තිදෙනාට තුවාල
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව මිය ගොස් පියා සහ දරුවන් තුන් දෙනා තුවාල ලබයි.
එම අනතුරින් මිය ගිය මවගේ වයස අවුරුදු 48ක් වන අතර ඔවුන් ගාල්ල, වලගස්දූව ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
අද අලූයම 1.05ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය පදවාගෙන ගිය පියාට නින්ද යාම හේතුවෙන් අසළ තිබූ කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර බරපතල තුවාල ලැබූ 4 දෙනෙකු කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
හොරණ රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 14 ක් වු දියණිය මේ වන විට වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව ද පොලීසිය සඳහන් කරයි.