මුස්ලිම් කොවිඩ් මෘතදේහ ආදාහනයට අධිකරණ වෛද්‍ය නිලධාරීන් විරුද්ධයි
කොවිඩ් රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනයට අධිකරණ වෛද්‍ය නිලධාරීන් විරුද්ධ බව වයිරසවේදී විශේෂඥයන් පෙන්වා දී ඇත.
කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සමග පැවැති සාකච්ඡාවකදී ඔවුහු මේ බව පෙන්වා දී තිබේ.
මෙම මළසිරුරු ආදාහනය කරනවාද? නැත්නම් භූමදානය කරනවාද? යන්න පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් වයිරසවේදී විශේෂඥයන් තිස්දෙනෙකුගේ කමිටුවක් පත්කර ඇත.
එම කමිටුවේ අවසන් වාර්තාව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට ලබාදීමට නියමිතය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
