ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට
ඇඹිලිපිටිය බස් නැවතුම්පල අසලදී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා එයට භාවිත කරන ටි 56 වර්ගයේ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වූ අම්බලන්තොට පාර සුරියවැව ප්රදේශයේ පදින්ව්හිකරුවෙකු වන අතර කුට්ටිගල ප්රදේශයේ වෙළඳසැල්වලට දුරකථන කාඩ්පත් අලෙවි කරන පුද්ගලයින් බිය ගන්වා මුදල් මංකොල්ලකෑමක් සැලසුම් කර ඇති බවට පොලිසිය සඳහන් කරයි.
සැකකරු අද දින ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.