මවුන්ජිත් වත්ත හුදෙකලා කෙරේ
හැටන් වටවල මවුන්ජිත් වත්ත අද (28) සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කර තිබේ.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් හදුනා ගැනීමත් සමග මෙම තීරණයට එළඹි බවයි.
එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් ද විශාල පිරිසක් ඊයේ දිනය වන විට හදුනාගෙන තිබේ.
මේ වන විට අදාළ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 59දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මෙලෙස හුදෙකලා කර ඇති මවුන්ජිත් වතුයාය ප්‍රදේශයේ පවුල් රැසක් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිතයි.
