මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 194ක් දක්වා ඉහළට
මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 194ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
ඒ ඊයේ (28) දිනයේදී නව මරණ තුනක් වාර්තාවීමත් සමගය.
ජීවිතක්ෂයට පත්වූවන් තොරතුරු පහතින්…..
01. දර්ගා නගරයේ පදිංචි 90 හැවිරි පිරිමි පුද්ගලයෙකි. කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී 2020 දෙසැම්බර් මස 24 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ ලේ විෂවීම සහ අධි රුදිර පීඩනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.
02. තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර මහ රෝහලේ සිට තෙල්දෙණිය මූලික රෝහලට මාරු කර යවා ඇති අතර, එම රෝහලේදී 2020 දෙසැම්බර් 28 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ උග්‍ර වකුගඩු රෝගී තත්ත්වයකි.
03. දකුණු කළුතර පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2020 දෙසැම්බර් මස 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ලේ විෂවීමයි.
