News

අද මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.

දුම්රිය ශ්‍රේණි විෂමතා ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් මෙලෙස වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර එම වර්ජනය සඳහා එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවාවලට අයත් නිලධාරීන් එක්වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් සඳහන් කරයි.