News

තවත් සංචාරකයින් 204ක් මෙරටට පැමිණෙයි

සංචාරකයින් 204දෙනෙකු රැගත් තවත් ගුවන් යානයක් යුක්‍රේනයේ සිට අද දිවයිනට පැමිණ තිබේ.

එම ගුවන්යානය යුක්‍රේනයේ කිවි නුවර සිට අද දහවල් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

කාර්ය මණ්ඩල සාමාජිකයින් 9දෙනෙකු ඊට ඇතුළත් බව ගුවන් තොටුපළ තොරතුරු සදහන් කරයි.

ඊයේ දිනයේදී ද යුක්‍රේනයේ සිට සංචාරකයින් 180දෙනෙකු මෙරටට පැමිණියහ.