බුදු කුටියට ගල් ගහලා – මාවනැල්ල නගරයට හමුදාව කැඳවයි
මාවනැල්ල හිඟුල ප්රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි වීදුරුවකට හානි වී ඇති බව පැවසෙනවා. එම සිදුවීම නිසාවෙන් මාවනැල්ල නගරයට මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
යුද හමුදාව මෙන්ම පොලීසියද එහි රැඳී සිටින බව පැවසේ. මවනැල්ල පොලිසිය ඇතුඑ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ අරඹා ඇත.
මෙම සිදුවීම හේතුකොට ගෙන හිගුල හා මාවනැල්ල නගරයට මෙම ආරක්ෂාව සපයා තිබේ.
