News

ආසාදිත අලෙවි නියෝජිතයා නගර 05ක ඇවිදලා

 

 

පෞද්ගලික වෙළෙඳ ආයතනයක කොවිඩ් ආසාදිත අලෙවි නියෝජිතයෙක් නගර 05ක වෙළඳසැල් වලට ගොස් තිබෙන බව වාර්තා වේ.

ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය, කොස්සින්න හා පේරාදෙණිය යන නගරවල වෙළෙඳසල් 400ක ආසන්න සංඛ්‍යාවකට පැමිණ තිබීම හේතුවෙන් එම වෙළෙඳසැල් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

ඉන් වෙළඳසල් 120ක් ගම්පොළ නගරයේ ඒවා බව පැවසෙනවා.

එසේම එම වෙළඳසැල් සේවකයන්ගේ PCR පරීක්ෂණ හෙට දිනයේ සිදුකිරීමට නියමිතයි. සෞඛය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අද දින අවදානම් තත්වයක් තිබෙන බැවින් නගරයට පැමිණීම හැකිතාක් අවම කරන ලෙසයි.

එසේම වාර්තා වී ඇති ආකාරයට ගම්පොළ නගර සීමාවේ පමණක් කොවිඩ් ආසාදිත පුද්ගලයින් මේවන විට 33 දෙනෙක් හඳුනා ගෙන ඇත.