රත්නපුර රෝහලේ අහඹු පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයන් 14ක්
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට සහ හෙද කාර්යමණ්ඩලයේ පිරිසකට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ. මෙලෙස හඳුනා ගත් ආසාදිතයන් ගණන 14ක්
ඊයේ(29) රත්නපුර ශීක්ෂණ රෝහලේ කළ අහඹු පීසීආර් පරීක්ෂණයකදී එම ආසාදිතයන් හඳුනා හෙන ඇත.
ආසාදිතයන් අතර රෝහලේ වෛද්‍යවරයෙකු, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සහ කෝවිඞ් ආසාදිත බවට සැකකරන රෝගින් රඳවා ඇති වාට්ටුවේ රෝගීන් නව දෙනෙකු කෝවිඞ් ආසාදිත බව තහවුරු වී තිබේ. මේ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අද(30) සඳහන් කර ඇත.
