දකුණේ ආසාදිතයන් ගණන 1,000ට ආසන්නයි
ගතවූ පැය 24ක කාලයේ නව ආසාදිතයන් 56 දෙනෙකු වාර්තා වී ඇති බව පැවසෙනවා. ඒ අනුව ඊයේ (29) හඳුනා ගත් එම පිරිස ද ඇතුළුව දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 939ක් බව දකුණු පළාත් කොරෝනා තොරතුරුමධ්යස්ථානය සඳහන් කරනවා.
ඒ අනුව සමස්තය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 522ක්, මාතරින් 341ක්, හම්බන්තොටින් 76ක් ලෙස දකුණු පළාතේ ආසාදිතයන් වාර්තා වී තිබේ.
ඊයේ (29) හඳුනා ගත්ආසාදිතයන් ගෙන් ආසාදිතයන් 30ක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. එම 30දෙනා ගෙන් 24ක් බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හඳුනා ගෙන තිබෙන අතර ඉතිරි 04දෙනා බලපිටිය ,හබරාදුව හා රත්ගම යන ප්‍රදේශ වලින් හඳුනා ගෙන ඇත.
මාතර දිස්ත්‍රික්කයේ ඊයේ අලුතින් ආසාදිතයන් 25ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගියා අගුනුකොලපැළැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හඳුනා ගෙන තිබෙනවා.
