News

වනජීවී කාර්යාලයට ගම්මුන් පහරදෙයි

මීට දින කිහිපයකට පෙර දිවියකු පහරදීමෙන් මරණයට පත්වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකෝපයට පත්පිරිසක් පානම වනජීවි කාර්යාලයට පහර දී තිබේ.

ඊයේ (01) රාත්‍රි පානම වනජීවි කාර්යාලයට අලාභහානි සිදුකර ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර පානම පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අලාභහානී සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරුපැදි 2ක්, ත්‍රීරෝද රථයක් සහ පාපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.