News

14 වන සුනාමි සැමරුම පැරෑළිය සුනාමි ස්මාරකය අභියසදී සැමරේ

2004 වසරේ දෙසැම්බර් 26 වනදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ ඇතිවූ භූමිකම්පාවක් හේතුවෙනුයි හටගත් සුනාමි රළ පහර ශ්‍රී ලංකාවටද විශාල ලෙස බලපෑවා. එහිදී මියගිය ජනතාව සිහිපත් කිරීම සදහා අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි 02 ක නිහඩතාවක් ආරක්ෂා කිරීමට එක්වන්නැයි ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

සුනාමි ව්‍යසනයෙන් මියගිය ලාංකිකයන් සංඛ්‍යාව තිස් දහසකි. මේ අද පැවැත්වෙන සුනාමි සැමරුම් උත්සවය පිළිබද අදහස් පළකල ආපදා කළමණාකරණ මධ්‍යස්තානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.

දෙසැමබ්ර් 26 වැනි දිනට යෙදි ඇති සුනාමි දින සැමරුම (26) පෙ.ව 8.30ට ආරම්භ විය.එහි සැමරුම් වැඩසටහන හික්කඩුව තෙල්වත්ත පැරෑලිය සුනාමි සැමරුම් ස්මාරකය අසලදි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිවිණි. ගාල්ල ආපදා කළමානාකරණ ඒකකය වැඩසටහන සංවිධානය කරනු ලැබිය.

ගාල්ල – සුනෙත් ගාල්ලගේ