බ්‍රිතාන්‍ය නව වයිරසය ඉන්දියාව කෘත්‍රිමව හදයි
එක්සත් රාජධානියෙන් ආරම්භ වූ කොවිඩ් 19 වයිරස නව ප්‍රභේදය සිය රසායනාගාර තුළ සාර්ථකව කෘත්‍රිම තත්ත්වයන් යටතේ නිපදවා ඇතැයි ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) පසුගිය සෙනසුරාදා (2 වැනිදා) ප්‍රකාශ කළේය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ICMR ප්‍රකාශ කර ඇත්තේ එක්සත් රාජධානියේ නව කොවිඩ් 19 වයිරස ප්‍රභේදය (SARS-COV-2 (New)) සාර්ථකව වගා කිරීමට (කෘත්‍රිමව නිපදවීමට) වෙනත් කිසිදු රටකට මෙතෙක් හැකියාව නොලැබී ඇති බවයි.
මෙලෙස වයිරස් ප්‍රභේද වෙනත් පරිසරයකදී කෘත්‍රිමව නිපදවීමට හැකියාව ලැබීම ඔස්සේ වයිරසයට එරෙහිව නව ප්‍රතිචාර ක්‍රම පාලනය කිරීමේ ක්‍රමවේද සහ රෝග විනිශ්චය පහසු වේ. එක්සත් රාජධානිය විසින්ද නව වයිරස ප්‍රභේදයේ සෛල රසායනාගාර මට්ටමින් විභේදනයට ලක්කරමින් වයිරසය පාලනය කිරීමේ සහ ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේද අත්හදා බලමින් සිටී.
නයන තරංග ගමගේ
