News

බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ආසාදිත පිරිසක්

 

බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සේවකයෙක් ඇතුළු බදුල්ලේ පදිංචිකරුවන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී තිබේ.

මහියංගණයේ පැවැති කොටහලු උත්සවයකට සහභාගි වී සිටියදී කොවිඩ් වැලඳුණු ආරක්ෂක අංශ සාමාජිකයකුගෙන් මෙම තිදෙනාට කොවිඩ් ආසාදනය වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය. පළමු ආශ්‍රිතයන් 10 දෙනකු ඇතුළු ආශ්‍රිතයන් 55 ගේ පී.සී.ආර්. ලබාගැනීමට ඊ​යේ (3 වැනිදා) කටයුතු කළ බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ඒ. එම්. කටුබුල්ල – ඇල්ල