News

පදිංචිය නිශ්චිතව කිව නොහැකි ආසාදිත පුද්ගලයන් 85ක් හඳුනාගෙන

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 403දෙනෙකු ඊයේ (03) දිනයේ මෙරටින් හඳුනා ගෙන ඇති අතර ඉන් 85 දෙනෙකු පදිංචි ස්ථානය නිශ්චිතව තහවුරු කළ නොහැකි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

දිස්ත්‍රික්ක වශයෙන් ගත්කළ වැඩිම ආසාදිතයන් පිරිසක් හඳුනා ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය සංඛ්‍යාත්මකව 81දෙනෙකු ලෙසයි.

එසේම මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 56ක්,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 30ක් ,කළුතර දිස්ත්‍රික්කයෙන් 27ක් ද හඳුනා ගෙන තිබේ.

මේ වන විට සමස්ත අසාදිත පුද්ගලයන් ගණන 44,774 දෙනෙකු වන අතර ඉන් 37,252ක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

ආසදිතව දැනට ප්‍රතිකාර ලබන පිරිස 7,309 දෙනෙකු බව සෞඛය අංශ සඳහන් කරනවා. මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 213ක් බවට පත්වී ඇත.

ඊයේ (03) කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මේ ආකාරයෙන් හඳුනා ගෙන ඇත,

කොළඹ දිස්ත්‍රික්කය – 81
මහනුවර දිස්ත්‍රික්කය -56
ගම්පහ දිස්ත්‍රික්කය – 30
කළුතර දිස්ත්‍රික්කය – 27
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය -20
නුවරඑළිය දිස්ත්‍රික්කය – 18
අම්පාර දිස්ත්‍රික්කය -17
කෑගල්ල දිස්ත්‍රික්කය -17
කුරුණෑගල දිස්ත්‍රික්කය -14
රත්නපුර දිස්ත්‍රික්කය -14
මඩකලපුව දිස්ත්‍රික්කය -06
ගාල්ල දිස්ත්‍රික්කය – 04
යාපනය දිස්ත්‍රික්කය – 04
මාතර දිස්ත්‍රික්කය – 03
මාතලේ දිස්ත්‍රික්කය -02
පුත්තලම දිස්ත්‍රික්කය – 01
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
මොනරාගල දිස්ත්‍රික්කය – 01
අනුරාධපුර දිස්ත්‍රික්කය – 01
කිළිනොච්චි දිස්ත්‍රික්කය – 01