News

ජල සම්පාදන ව්‍යාපෘතියක සේවකයන් 23කට කොවිඩ්

 

කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ජලසම්පාදන ව්‍යාපෘතියක සේවය කළ සේවකයන් 23 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාධනය වී ඇත.

මෙම ව්‍යාපෘතියේ එක් අයකුට මීට පෙර කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් එකසිය විසිදෙනකු නිරෝධායනයට ලක්ව තිබේ.

එලෙස නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසගෙන් 23 දෙනකුට කොවිඩ් ආසාධනය වී ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි පැවසීය.

වරුණි පෙරමුණ