News

මෝදර ප්‍රදේශයක් හුදකලා කෙරේ

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර ඇත.

එම ප්‍රදේශය අද (05) උදෑසන 05.00 සිට හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

කෙසේ නමුත් අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත්කර ඇත. ඊයේ (04) පස්වරුවේ සිට එම ප්‍රදේශය හුදකලා කිරීම ඉවත්කර තිබේ.