News

මරණ දඬුවම නියම රැඳවියන්ට දඬුවමේ වෙනසක් ?

 

බන්ධනාගාර තුළ සිටින රැඳවියන් නිදහස් කිරීම සඳහා සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරනවා.

මෙමගින් බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇත.

මේ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලද වහාම ක්‍රියාවට නංවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා,

“මං වැඩ භාර ගත්තේ 2වනදා. 2 වනදා ඉඳලා සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු රැඳවියන් 10,000කට ආසන්න ප්‍රමාණයක් අපි නිදහස් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මරණ දණ්ඩනයේ සිටින රැඳවියන් ජීවිතාන්තය දක්වාත් ජීවිතාන්තය දක්වා ඉන්න රැඳවියන් අවුරුදු 20 දක්වාත් අඩු කරලා තවදුරටත් තදබදය අඩුකර ගන්න. ඒකට ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබෙනකම් ඉන්නේ.”