News

හපුතලේට නව නගරාධිපතිවරයෙක් පත්වෙයි

 

උපුල් දිසානායක මහතා හපුතලේ නව නගරාධිපති වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ විජේරාම පිහිටි නිල නිවසේදී අද (05) දින දිවුරුම් දී තිබේ.

හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ තනතුරට උපුල් දිසානායක මහතා වත්වී ඇත.

උපුල් දිසානායක මහතා මෙයට පෙර ද හපුතලේ නගරාධිපති ධූරය හොබවා ඇති අයෙකි.