කොළඹ ජල සැපයුම අඩු පීඩනයක් යටතේ
අඹතලේ සිට මාලිගාකන්ද දක්වා වූ ජල නළයක සිදුකරන හදිස්සි අලුත්වැඩියාව නිසා කොළඹ ප්රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන සහ ජලාප්රවාහන මණ්ඩලය සඳහන් කරනවා.
අද (05) දහවල් සිට පැය 15ක් මෙලෙස වියහැකි බවයි ජල සම්පාදන සහ ජලාප්රවාහන මණ්ඩලය නිවේදනය කරන්නේ.
මේ අනුව කොළඹ 01, 02, සහ 03 යන ප්රදේශ සඳහා හෙට පස්වරු 03:00 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහැරෙනු ඇති.
