News

කරාපිටිය රෝහලේ ළමා වාට්ටුවක් තාවකාලිකව වැසෙයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ඒකකයේ වාට්ටු අංක 02 තාවකාලිකව වසා දමා තිබේ.

රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ එම වාට්ටුවේ මවකට කොවිඩ් ආසාදනයවී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව මෙම පියවර ගත් බවයි.

මෙලෙස කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ ගාල්ල ගිංතොට ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඇය සිය දරුවාගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් වාට්ටුවේ නේවාසිකව පතිකාර ලබමින් සිට ඇත.

ඇගේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් සැකසිතී ඇය ඊයේ (04) පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර තිබේ.

අද දිනයේ ලද එම වාර්තා වලින් ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත.

දරුවා සහ මිත්තණිය මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර තිබේ.