News

තවත් ලාංකිකයින් 198ක් දිවයිනට

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදීසිටි තවත් ශ්‍රී ලාංකිකයින් 198දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ මාලදිවයිනේ සිට 42දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට 74දෙනකු, ඩුබායි සිට 82දෙනෙකු අද (06) අළුයම දිවයිනට පැමිණි බවයි.

එම මගීන් සියලුමදෙනා පී.සී.ආර්. පරීක්ෂණ වලින් අනතුරුව නිරෝධායනය සදහා යොමු කර තිබේ.

හෙට දිනයේදී ද තවත් ශ්‍රී ලාංකියින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වැඩිදුරටත් පැවසීය.