තරුණ මැණික් ව්‍යාපාරිකයෙක් තානායමක ගෙල වැලලාගෙන
රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ තරුණ මැණික් ව්‍යාපාරිකයෙකුගේ සිරුර ඊයේ (05) රාත්‍රියේ දඹුල්ල නිස්සංක හන්දිය තානායමේ කාමරයක තිබී සොයාගත් බව දඹුල්ල පොලිසිය පවසයි.
රත්නපුර පදිංචි අවිවාහක පුද්ගලයකු මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
නීතිඥවරයකු ඇතුළු මියගිය අයගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය.
දඹුල්ල තානායමේ කළමනාකරු පවසා සිටියේ මෙම තරුණයා ඊයේ උදේ 8.30 ට පමණ තම තානායමට පැමිණ ඇති අතර පසුව පස්වරුව වන විට ඔවුහු රැඳී සිටි කාමරයෙන් වෙනත් විශාල කාමරයක් අවැසි බව පවසා කාමරය මාරුකරගෙන තිබෙන බවයි.
රාත්‍රී ආහාරය ඇණවුම්කර තිබූ නිසා රාත්‍රී 10ට ආසන්න වෙද්දී ආහාර ලබාදීමට තානායම් සේවකයෙක් එම කාමරයට ගොස් කතා කළ ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා ඔහු කාමරයේ දොරේ සිදුරකින් කාමරය තුළ බලද්දී ඔහු ගෙල වැලලාගෙන ඇති බව දැක තිබේ.
තානායමේ කාමරයක් තුළ සවිකොට ඇති විදුලි පංකාවක ලණුවක් ගැට ගසා එම ව්‍යාපාරිකයා ගෙල වැලලාගෙන තිබූ බව වාර්තා වේ.
මෙම පුද්ගලයා කුමක් සඳහා දඹුල්ලට පැමිණියේද යන්න මෙතෙක් හෙළිවී නොමැති බව වාර්තා වේ
