News

ජාඇළ ඩිපෝව තාවකාලිකව වැසේ

ජාඇල -රාගම ලංගම බස් රථයක සේවය කරන කොන්දොස්තරවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

ඔහු ජාඇල මුලික රෝහලෙන් සුව කැමැත්තෙන් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කර ගෙන ඇති අතර එහි ප්‍රතිඵල අනුව ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත.

මෙම හේතුවෙන් ඊයේ (05) මෙම බස්රථයේ රියදුරු සහ එම ඩිපෝවේ 153ක් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

ඩිපෝ සේවකයින් කිහිප දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනිම හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ජාඇළ ඩිපෝව තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

අද(06) දින මෙම අසාදිතයාගේ සමීපතයන්ගේ පී.සී.ආර්.පරීක්ෂණය සිදු කරන බවත් ජනවාරි (01) සිට මෙම බස් රථයේ ගමන් ගත් මගීන් ස්වයං නිරෝධානයට යොමු වන ලෙසත් මහජන සෞඛය පරීක්ෂක ධනංජය හේරත් මහතා ප්‍රකාශ කරයි.