News

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නවතියි

අද මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළද මේ වන විට වර්ජනය තාවකාලිකව නවතා දැමීමට දුම්රිය වෘත්තීය සංගම් තිරණය කර තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව තම ශ්‍රේණි හා වැටපු ගැටලු සඳහා මාසයක් තුළ විසඳුම් ලබාදෙන බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය අනුව මෙසේ වර්ජනය තාවකාලිකව නැවැත්වූ බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කරයි.