News

රු. ලක්ෂ 720ක මුදලක් වංචා කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද දහවල් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ වයස අවුරුදු 42ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචි පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන සම්මුගනාදන් කුහවර්දන්ව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අගුරු වූ චෙක් පත් ලබාදී රුපියල් ලක්ෂ 720ක මුදලක් වංචා කිරීම හේතුවෙන් එම පළාත් සභා මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්ඩංගුවට ගත් සැකකරු හෙට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.