පොලීසියට විරුද්ධව මේ වසරේ පැමිණිලි 600කට අධික සංඛ්‍යාවක්
වසරේ මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන්ට සහ පොලීසියට විරුද්ධව පැමිණිලි 600 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසනවා.
එහි සභාපති ජී. එච්. මනතුංග මහතා පැවසුවේ පොලීසියට විරුද්ධව දෛනිකව පැමිණිලි 50 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බවයි.
මේ අතර මහජනතාවට පළාත් මට්ටමින් පැමිණිලි ඉදිරිපත් කළ හැකි නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව මනතුංග මහතා පවසනවා.
මෙම නව වැඩපිළිවෙළ ලබන වසරේ පළමු මාස දෙක ඇතුළත ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව පොලිස් කොමිසමේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමකින් තොරව මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකි වනවා.