විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තාවකාලිකව වසා දමයි
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තුව අමතමිනි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආශ්‍රිතව මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 50ක් සිදුකර තිබේ.
ඉන් එක් පුද්ගලයෙකු කොවිඩ්-19 වෛරස ආසාදිතයෙකු ලෙස හදුනාගැනීමත් සමග මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරයි.
