News

සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් දෙන ලෙස උපදෙස්

 

 

සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදනය කරන නිෂ්පාදකයින්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ’ සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමග පාර්ලිමේන්තු කමිටු කාමර 02 පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එසේම අගමැතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ ගැටලුවලට පෙර සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ ගැටලු විසඳීමට පියවර ගන්නා ලෙසයි.