News

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ – ගිරිඋල්ලෙන් ආසාදිතයන් 26ක්

කුරුණෑගල ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 162ක් පසුගිය 04 වැනිදා පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. ඒ අනුව 26 දෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.

මේ අනුව ආසාදිතයින් හඳුනාගත් මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම්වල මුම්මාන පන්සල් හංදිය, මුම්මාන මංසන්ධිය, කඩේවත්ත, වල්පොලමුල්ල, කවුඩුමුන්න යන ප්‍රදේශ හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.