කොරියා රැකියා අවස්ථා යළි ලබාදීමට සාකච්ඡාවක්
ශ්‍රී ලාංකිකයන් සදහා කොරියාවෙහි රැකියා අවස්ථා වැඩි කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා පැවැත් විණි.
ඒ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා අතරයි.
එහිදී කොරියානු ජනරජය ශ්‍රී ලංකාව සදහා ලබාදී ඇති රැකියා සහයෝගීතාව සක්‍රියකර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් කොරියාවේ රැකියා අවස්ථා ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවෙන් නව සේවකයින් බදවා ගැනීම නැවත ආරම්භ කිරීම සදහා කොරියානු රජයේ සහාය ඉල්ලා ඇත.
